අතහැරීම 06

පටුන

මේ දුකම කියන දහමක්‌ද? දුකෙන් මිදෙන දහමක්‌ද? කියවන්න
දුක සැප පෙරළෙන සංස්‌කාර කියවන්න
මට අවශ්‍ය වූයේ බුදුරජාණන් වහන්සේව තෘප්තිමත් කිරීම පමණි කියවන්න

පිංවත් ඔබත් මෙතැනට එන්න

මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි කියවන්න
ඔබ ඔය සුරතල් කරන්නේ සතර අපායයි කියවන්න
මේ දුකම දැයි සිහියෙන් බලන්න කියවන්න
ආදීනව නොපෙනෙන ආශ්වාදයද ආදරය? කියවන්න
මරණ බියෙන් තොර මරණයක්‌ උදෙසා කියවන්න
ගුරුකමේ රඟ කියවන්න
ප්‍රේතානුස්‌සතියද? දේවතානුස්‌සතියද? කියවන්න
තවත් පුතුන් කුමට පතන් කියවන්න
පොඩි කමට කළත් ‘පව’ පොඩි නැත පුතුනේ කියවන්න
ප්‍රඥාවේ පහන් සිළෙන් රැයෙහි අඳුර දුරුකරන්න කියවන්න
ශීලය සැබැවින්ම කුමක්‌ උදෙසාද? කියවන්න
වන්දනාවක සැඟවුණු රහස කියවන්න
මේ අකුසලයට පොළී වෙන ලෝකයයි කියවන්න
පොඩි දෙයක්‌ ආහාරයට ගන්න ලොකු දෙයක්‌ දන්දෙන්න කියවන්න
පව පහුරුගාමින් නොසිට කුසල නිධිය මතුකරගන්න කියවන්න
ඔබ ඔය ඊර්ෂ්‍යා කරන්නේ සංස්‌කාරවලට බව දැනගන්න කියවන්න
ඔබ විනෝදය ලෙස දකින්නේ තෘෂ්ණාවේ ගින්දරයි! කියවන්න
ඔබේ භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කරන්න කියවන්න
අහසට පොළොවට දෙස්‌ දී කුමකට? කියවන්න
ඔබේ ඔය මහන්සිය හිස්‌ අතින් මැරෙන්නද? කියවන්න
ස්‌ථාවර සාමයක්‌ උදෙසා කියවන්න
ඇයි ඔබ පිංවන්ත නැතිද? කියවන්න

පිංවත් ඔබත් මෙතැනට එන්න

‘පිංවත් ඔබත් මෙතැනට එන්න’ කියලා කියපුවාහම ඔබට හිතෙන්න පුළුවන් කොතැනටද මේ එන්න කියන්නෙ කියලා. භික්‍ෂුව ඔබට මේ එන්න කියන්නේ ලෝකයේ සුන්දරම තැනට. මෙතන ඔබේ තැනකුත් නොවේ. ඔබේ නොවන තැනකුත් නොවේ. මේ මොහොතේ විවේකය ලබන තැනයි. හෙට මෙතැනින් නික්‌ම යායුතුයි. ආපසු හැරී බැලීමක්‌ නැත. හෙට තැන නැවුම් වුවත් විවේකයේ වෙනසක්‌ නම් නැත. තැනත් නොතැනත් දෙතැනම ධර්මයේ ස්‌වභාවයෙන්මයි තිබෙන්නේ. ඔබට එන්න කියලා ආරාධනා කරන්නේ මෙතැනට.

මෙතැන පුද්ගලයෙක්‌ සිටිනවා. ඔහු ලෝකය සමග තැවරිලා නැහැ. ලෝකයට මුහුවෙලා නැහැ. ලෝකයේ නොතැවරුනු මේ සුන්දර මිනිස්‌සු ජීවත්වන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක, මේ සුන්දර ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අර්ථය තුළ පමණක්‌මය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන තැනක්‌ මෙතැන. ‘නිදහස්‌ කියලා කීවේ සීමා, මායිම්, වැටකඩුලු, පිඹුරුපත්වලින් කොටුකරගත් නිදහසක්‌ නොවේ. ගොඩගසාගත් වස්‌තුව, දේපල, ඥාතීන් ‘මගේ’ කරගත් තෘෂ්ණාවෙන් බැඳුණු නිදහස ද නොවේ. මේ සියල්ල කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් අවබෝධයෙන් අතහැරි නිදහසයි.

මෙහෙම සටහන් තබපුවහම ඔබට බිය සිතෙන්න පුළුවන්, භික්‍ෂුව මේ ඔබට එන්න කියන්නේ මොකුත්ම නැති මුඩු තැනකටද කියලා. එහෙම හිතන්න එපා. මෙතැන ඉරත් තිබෙනවා. හඳත් තිබෙනවා. ආලෝකය අඳුරත් තිබෙනවා. අම්මා, තාත්තා ඉන්නවා. කැපකරු, දායක පිරිස්‌ ඉන්නවා. නැත්තේ මේවා කෙරෙහි ඇති තෘෂ්ණාව පමණක්‌මය. එනිසා සියල්ල අහිමිවනවාය කියලා, පිංවත් ඔබ බියවෙන්න එපා. අහිමිවෙන්නේ දුකට හේතුවන තෘෂ්ණාව පමණයි. බලන්නකෝ, ලෝකය තිබියදී තෘෂ්ණාව දියවෙලා. තෘෂ්ණාව කියන එකම කරුණෙනුයි ලෝකයට බැඳුනේ. ‘නිදහස්‌ කියලා කීවේ මෙතැනයි. ලෝකය තිබෙනවා. බැඳීම් නැහැ. ඇස තිබෙනවා. ඇස නිසා බැඳීම් නැහැ. ඔබම සිතන්නකෝ ඒ සිත මොන තරම් විවේකී, නිස්‌කලංක සිතක්‌ද? ඒකයි පිංවත් ඔබටත් අරාධනා කළේ, ‘මෙතැනට එන්න’ කියලා.

ලස්‌සන මාර්ගයක්‌ තිබෙනවා. මෙතැනට එන එක තමයි මේ ලෝකේ සුන්දරම මාර්ගය. සැපයටම හේතුවන මාර්ගය. විවේකය දිසාවට, සරලභාවයේ දිශාවට, නිවීමේ දිශාවට ඔබව රැගෙන යන මාර්ගය. ඒ උතුම් මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයමයි. වැලි, කළුගල්, සිමෙන්ති, කොන්ක්‍රීට්‌ වලින් මිදුණු, ලෙයින් මසින් සැදුණු ජීවිතයට අර්ථය ගෙනෙන මාර්ගයයි. මේ මාර්ගය දිගේ ඔබත් පෙරට එන්න. එතැනදී ඔබ මුළින්ම දකින්නේ ‘දුක’ කියන කාරණයයි. ‘දුක’ කියන කාරණය මතින් ඔබ ගමන්කරන විට, ඔබ දකිනවා දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණයයි කියලා. තෘෂ්ණාව නැති කළොත් දුක නැතිවෙනවාය කියන කාරණය තමයි ඔබේ ගමනේ ආරම්භය. පිංවත් ඔබ මෙතැනට එනකොට දාන, ශීල, භාවනා මාර්ගය ජීවිතයේ කොටසක්‌ කරගත්ත අයෙක්‌. මේ ආරම්භයත් සමග ඔබ දුකෙන් මිදෙන දිශාවටමයි ගමන් කරන්නේ. තමා කව්රුන් උදෙසාවත් ව්‍යාපාදය, කේන්තිය, ද්වේශය සකස්‌කරගන්නේ නැහැ. එයා දකිනවා ව්‍යාපාදය තමාටත්, අනුන්ටත් දුක පිණිසයි පවතින්නේ කියලා. තමාගේ කේන්තියවත් තමාට අයිති නැතිකොට එයා කවදාකවත් අනුන්ගේ කේන්තියක්‌ තමාගේ කරගන්න යන්නේ නැහැ. ඒ නිසා ඔහු නිරතුරුවම මනසින් සිදුවන මනෝකර්ම ගැන අවධියෙනුයිs සිටින්නේ. අනුනට ව්‍යාපාදය කිරීම තමා, තමාට කරගන්නා දරුණු පළිගැනීමක්‌ බව ඔහු දකිනවා. ව්‍යාපාදයට ඔහු බියවෙනවා. සතර අපාය ව්‍යාපාදයේ ප්‍රතිඵලයක්‌ බව ඔහු දකිනවා. ව්‍යාපාදය, ද්වේශය කියන අකුසල මූලයන් නිසාම මෙතෙක්‌ නිවන් මාර්ගය දුරස්‌වූ බව ඔහු දකිනවා. තමා තුළින් ඇති කරගන්නා වූ ව්‍යාපාදය තමාවම ප්‍රමාදභාවයට පත්කරනවා.

ඒ නිසාම තමා කාටවත් හිංසාවක්‌ කරන්න යන්නේ නැහැ. තමන් දකිනවා හිංසාවක්‌ කළොත් තමාත් අනුනුත් දුකට වැටෙනවා කියලා. හිංසාවට තමන් අකමැතිසේම සියලු සත්වයෝත් හිංසාවට ප්‍රිය නොවන බව ඔහු දකිනවා. තෙරුවන් ගුණයන් ගැනමයි ඔහු මෙනෙහි කරන්නේ. අසද්ධාව කියන්නේ තමා තමාට කරගන්නා ලොකුම හිංසාවයි කියලා ඔහු දකිනවා. එම නිසාම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තව තවත් අර්ථවත් කරගෙන එය අචල ශ්‍රද්ධාවක්‌ බවට බලගන්වාගෙන මුලින්ම තමා තමාට මෛත්‍රී කරගන්නවා.

නෙක්‌කම්මයටමයි සිත යොමුවන්නේ. ලෝභ සිතක්‌ පැමිණියොත්, ද්වේශ සිතක්‌, මෝහ සිතක්‌ පැමිණියොත් එහි ආදීනව දැකලා ඒවා අතහැර දමනවා. ලෝභය, අලෝභය බවට පරිවර්තනය කරගන්න ඔහු දැන් දක්‍ෂයි. ද්වේශය මෛත්‍රියක්‌ බවටත්, මෝහය අමෝහය බවටත් පරිවර්තනය කරගන්න ඔහු තුළ දක්‍ෂතාවය තිබෙනවා. එයා දකිනවා මේ ජීවිතය තමාට අයිති නැතිනම්, එය උදෙසා කුමකට අකුසල් රැස්‌කරගන්නවාද කියලා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නිසාම, මොහු සැබෑම සැපය නෙක්‌ඛම්මය බව දකිනවා. සැබෑම සැපයට ඇති කැමැත්ත නිසාම, සැපයට බාධාකරන සක්‌ඛායදිට්‌ඨි, විචිකිච්ජා, සීලබ්බතපරාමාස කියන බැඳීම් සිඳෙන දිශාවටමයි ජීවිතය අර්ථවත් කරගන්නෙ. මෙතැනයි නෙක්‌ඛම්මයේ සැබෑම ආරම්භය. ඔහු දක්‍ෂයි ”මම”කියන දුක්‌ගොඩ බිමතබා පටිච්චසමුප්පන්නව ජීවිතය දෙස බලන්න. තව ඉදිරියට එනවිට කාම, රාග, පටිඝ, මෝහ කියන කාරණාත් ඔහුට බිම තබන්න සිද්ධවෙනවා. නෙක්‌ඛම්මයේ සැබෑම අර්ථය ශක්‌තිමත් වන්නේ පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍ය දැකීම අවබෝධය තුළින්ම බව ඔහු දැන් දන්නවා.

මේ වන විට වචනය බොහෝම සංවරයි එයාගේ. එයා දන්නවා වගකීමකින් තොර එක වචනයක්‌ භවගමනේ මහා විනාශයක්‌ කරනවා කියලා. දුකක්‌ අත්කරදෙනවා කියලා. සෑම වචනයක්‌ම මුවින් පිටකරන්නේ දැඩි විනයකින්. බොරුව ඔහුගේ තහනම් වචනයක්‌. එයා අනුනට ප්‍රිය වචනයෙන්මයි කථාකරන්නේ. ඒවයේ විෂ නැහැ, මංමුලාකිරීම් නැහැ. වචනය ඔහු උපයෝගීකර ගන්නේ ශීලයේ, දානයේ, භාවනාවේ ආනිශංශ ගැන කථා කිරීමටයි. යහපතක්‌මයි ඔහු මුවින් ප්‍රකාශකරන්නේ. නිවන් මාර්ගයට අදාළ ධර්මයක්‌මයි ඔහු සිතන්නේ. එයා කවදාකවත් ලෝකය, පංචඋපාදනස්‌කන්ධය සැපය කියන බොරුව කියන්නෙ නැහැ. එයා බාහිර, අධ්‍යත්මික රූපය තුළ සැප තිබෙනවාය කියන බොරුව කියන්නෙ නැහැ. අපි මේ ජීවිතයේදී කියන ලොකුම බොරුව තමයි ‘ලෝකය සැපය’ කියන බොරුව. ඔහු එය කවදාකවත් කියන්නේ නැහැ. තෙරුවන්ගේ අගුණයක්‌ ඔහු කියන්නේ නැහැ. කර්මය කර්මඵලයන්ගේ විශ්වාසය ගැනමයි ඔහු කථාකරන්නේ. මව් පිය ගුණයන් ඔහු නිරතුරුවම සිතනවා. අනුනට කියනවා.

කයෙන් සිදුවන වැරදි එයා කරන්නේ නැහැ. ප්‍රාණාගාතය, සොරකම, වැරදි කාමසේවනය, සුරාපානය ජීවිතයට අපුල දේවල්. ජීවිතයට දුගඳ දේවල් හැටියටයි දකින්නේ. එයා මේ විෂමාචාරවලින් මිදෙනවා පමණක්‌ නොවේ අනුනටත් ඒවායේ ආදීනව කියනවා වගේම ඒවායේ යෙදෙන මනුෂ්‍යයින්ගෙන් දුරස්‌ වෙනවා. පවට ඔහු බයයි. එයා කයෙන් යහපත් ක්‍රියාවක්‌මයි සිදුකරන්නේ. මේ වයසට යන ලෙඩ වෙන, මැරෙන කය නිසා අකුසල් සිදුකරගන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණය, දානය, ශීලය, භාවනාව උදෙසාමයි කය ප්‍රයෝජනයට ගන්නේ. එයා අනුනගේ ජීවිතවලට හානි නොකරනවා වගේම තමාගේ ජීවිතයටත් හානිකරගන්නෙ නැහැ. එයා දන්නවා සංස්‌කාර නිසාමයි සත්වයා මැරෙමින් උපදිමින් ගමන්කරන්නේ කියලා. එයා මුලින්ම සක්‌කායදිට්‌ඨි, විචිකිච්චා, ශීලබ්බතපරාමාස සංයෝජන ධර්මයන් දුරුකරලා ජීවිත හතකට උපත සීමාකරගන්නවා.

එයා අන්සතු දෙයක්‌ මගේ කරගන්නේ නැහැ. මේ ඇස මගේ නොවේ. ඒ නිසා එයා ඇස මගේ කරගන්නේ නැහැ. මේ රූපය මගේ නොවේ. ඒ නිසා රූපය මගේ කරගන්නේ නැහැ. මේ මනස මගේ නොවේ ඒ නිසා මනසේ ඇති වෙන සිතුවිලි මගේ කරගන්නෙ නැහැ. ඇස නිසා සකස්‌වෙන ඵස්‌ස, වේදනා, සංඥා, සංසඛාර, විඤ්ඤාණ තමාට අයත් නොවන දේවල් බවයි දකින්නෙ. අන්සතු දෙය තමාගේ කරගෙන දුක්‌විඳින්නෙ නැහැ. ඒවාට බැඳී යන්නෙ නැහැ. ඒවායෙන් මත්භාවයට පත්වෙන්නෙ නැහැ. එයා හොඳින් දන්නවා ජීවිතය මත්කරන දේවල් මොනවද කියලා. සත්වයා නිරතුරුවම රාග, ද්වේෂ, මෝහ ධර්මයන්ගෙන් මත්වෙනවා. මේ මත්වීම නිසා සත්වයා කල්ප ගණන් දුකට පත්වෙනවා. එක සිතුවිල්ලක්‌ නිසා දුකෙන්මයි මත්වෙන්නේ. ඒ නිසා එයා නිහතමානී වෙනවා. මාන්නයට පත්වෙන්නෙ නැහැ. එයා මිදුල අතුගෑවත් එය අතුගාන්නේ තමාගේ සිතේ ඇති කුණු අතුගානවා කියන අදහසින්. එයා වැසිකිළියත් සේදුවත් එය සෝදන්නේ තමාගේ සිතේ රාග, ද්වේෂ, මෝහ සිතුවිලි සෝදාහරිනවා කියන අදහසින්. පිරිසිදුභාවයට එයා හරි ප්‍රියයි. යමෙක්‌ ජීවත්වෙන පරිසරය අපිරිසිදු නම් එයින් පෙනෙන්නේ ඔහුගේ සිතේ ඇති පිරිසිදුභාවයයි. බාහිර පරිසරය පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න තමාගේ සිතත් පිරිසිදු වෙනවා, තැන්පත් වෙනවා. මේ හේතුව නිසාම නිහතමානීභාවය ඇතිවෙනවා. නිහතමානී කෙනා රාග, ද්වේෂ, මෝහ ධර්මයන්ගෙන් මත්වෙන්නෙ නැහැ. ඔහු තාවකාලික සැපයක්‌ උදෙසා දීර්ඝකාලීන දුකකට පාර පෙන්වන මෝහය දුරුකරමින් යන කෙනෙක්‌. කයෙන් සිදුවන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමය වරදවා හැසිරීම, සුරාපානය තුළින් දිවිහිමියෙන් වෙන්වන ඔහු දන්නවා ලෝභ, ද්වේෂ, මෝහ නිසාමයි අකුසලයෙන් සත්වයා මත්වෙන්නෙ කියලා. ඒ නිසාමයි පරපණත්, තමපණත් නසන්නේ දුක්‌දෙන්නේ කියලා. දුක පිණිස හේතුවෙන අන්සතු වස්‌තුව වගේම දුකදෙන සක්‌කායදිට්‌ඨිය, විචිකිච්ජාව, සීලබ්බතපරාමාස සංයෝජන ධර්මයන් මගේ කරගෙන ජීවත්වෙන්නෙ කියළා. ඒ නිසා මොහු යහපත් සිහිය මත්කරන්නාවූ කයෙන් සිදුවන සියලු වැරදිවලින් මිදෙනවා.

පිංවත් ඔබ මීළඟට සම්මා ආජීවයෙහි යෙදෙනවා. වැරදි වෙළෙඳාම් වලින් යෑපෙන්නෙ නැහැ. මස්‌ මාංශ, සුරාව, වස – විස, වෙඩිබෙහෙත්, මනුෂ්‍යයන් ඇතුළු සතුන් වෙළඳාම මිච්චා වෙළඳාම හැටියට ගැනෙනවා. ඔබ ශක්‌තිමත්ව මේ මාර්ගයේ ගමන් කරන විට ඔබ කවදාකවත් තමා විකුණන්නෙත් නැති තමා විකිනෙන්නේත් නැති තත්වයට පත්වෙන්න ඕනේ. වෙළෙඳ භාණ්‌ඩයක ස්‌වභාවයෙන් ඔබ මිදෙන්න ඕනේ. සෑම විටම තමාගේ ජීවිතය ගලපාගන්නේ ධර්ම විනයත් සමගයි. මේ සඳහා ඔබට උපකාරීවෙන්නේ ශීලයයි. ගිහිපිංවතුන්ලාට නම් පංචශීලය ශක්‌තිමත්භාවයට පත්වෙන්න ඕනේ. සාමනේර ස්‌වාමීන් වහන්සේ නමකට දස ශීලයත් සේයා 75 ත් තම උතුම් ශීලය වශයෙන් ආරක්‍ෂා කර ගන්න ඕනේ. උපසම්පදා ස්‌වාමීන්වහන්සේ නමකට ප්‍රාතිමෝක්‍ෂ ශීලය තම ශීලය වෙනවා. විනය කාරණා අප නිවරැදිව දැනගෙන සිටිය යුතුයි. එසේ නොවුනහොත් අපිත් විකුණන විකිණෙන කෙනෙක්‌ බවටයි පත්වෙන්නේ. ප්‍රාතිමෝක්‍ෂ ශීලය තුළින්මයි අපිව මේ අවදානමෙන් මුදවා දෙන්නේ. ශීලය ගිලිහී ගිය තැනදි අපි වැරදි ආජීවයන්ට යොමුවෙනවා. සෑම විටම අපේ ඉලක්‌කය ගැන අවධානය යොමුවිය යුතුයි. එසේ නොවුන තැන කාම, භව, දිට්‌ඨි, ශීල, උපාදනවල සිරකරුවන් වෙන්න පුළුවන්. මේවා නිවන් මග සොයා යන පිංවතුන්ට මිච්ජාආජීවයක්‌මයි. ශීලය ඔබට පහසු බවක්‌මයි, සරල බවක්‌මයි ඇති කරන්නේ.